ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය 2023
11:42am on Friday 21st July 2023
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය, 2023 ජුලි මස 19 වන දින කොල්ලූපිටිය ජුම්මා දේවස්ථානයේදී  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඉස්ලාම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා සාමාජිකයින්  සිහිකිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම සිදු විය

මෙම පූජෝත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු අධ්‍යක‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන්  හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් මෙන්ම  මියගිය ගුවන් හමුදා රණවිරු පවුල් වල සාමාජිකයින්ද සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි