කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය
3:23pm on Wednesday 26th July 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් දින දෙකක සැසිවාරයකින් අනතුරුව 2023 ජූලි 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ නිරීක්ෂණ කටයුතු අවසන් කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර විසින් අණදෙන ලද ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණ පෙළපාලිය සමාලෝචනය කරන ලද අතර පෙළපාලිය අතරතුර එක් බළලත් නිලධාරියෙකු, සැරයන්වරුන් දෙදෙනෙකු, කෝප්‍රල්වරුන් තිදෙනෙකු සහ නායක ගුවන් භටයින් දෙදෙනෙකු වෙත ගුවන් හමුදාධිපති සම්මාන ප්‍රදානය කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා දෙදින පරීක්ෂනයේදී කඳවුරේ සියලුම ප්‍රදේශ නිරීක්ෂනය කළ අතර අවසානයේදී සිවිල් සේවකයින්ද ඇතුළු කඳවුරේ සියලුම නිලයන් ඇමතීය. කටුනායක කදවුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම කඳවුර වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලන හැකියාවන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔහු සිය දේශනය අතරතුර අවධාරණය කළේය. තවද, වෘත්තීය ගුවන් හමුදාවේ සන්දර්භය තුළ 'අප කරන සෑම දෙයකම විශිෂ්ටත්වය' හඹා යාම සහතික කිරීම සඳහා සෑම සාමාජිකයෙකුම නොසැලෙන වෘත්තීය විශිෂ්ටත්වය, අඛණ්ඩතාව සහ විනය සමඟ දායක වීමට උත්සාහ කළ යුතු බව ඔහු අවධාරණය කළේය. අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු අණදෙන නිළධාරීවරයා සහ ඔහුගේ කණ්ඩායම ගුවන් හමුදාධිපතිවරයාගේ පරීක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රමිතියට අනුව කඳවුරු සකස් කිරීම සඳහා දරන ලද වෙහෙස මහන්සිය ඇගයීමට ලක් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි