ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති හා ගුවන් හමුදාධිපති අතර හමුවක්
3:46pm on Wednesday 26th July 2023
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie J Chung මහත්මිය අද (2023 ජූලි 24) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ගුවන් හමුදාධිපතිතුමන් සහ මෙරටට පැමිණි තානාපතිවරයා අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත් වූ අතර, අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් සහ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී, ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි