ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂික හින්දු ආගමික උත්සවය පවත්වනු ලබයි
8:18pm on Tuesday 8th August 2023
ගුවන් හමුදා වාර්ෂික හින්දු ආගමික උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී එනෝකා රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන් 2023 ජූලි 26 වන දින කොළඹ 10, කැප්ටන් ගාර්ඩන් ශ්‍රී කයිලසනාතර් ස්වාමි දේවස්ථානයේ දී පැවැත්විණි. .

උත්තරීතර ඡිවිත පරිත්‍යාග කළ ගුවන් හමුදා සාමාජිකයින් සිහිකරමින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරුවල සේවය කරන සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත ආශිර්වාද පතා මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ   සහ සෙසු නිලයින් පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි