ගුවන් හමුදා මූලස්ථානයේ සයිබර් ආරක්ෂණ විෂය පිලිබද විශේෂඥ දැනුම හුවමාරු වැඩසටහනක්.
8:22pm on Tuesday 8th August 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  සිය සයිබර් ආරක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස  විශේෂඥ දැනුම  හුවමාරු වැඩසටහනක් පසුගියදා පැවැත් විය.මෙම වැඩසටහනෙහි මූලික අරමුණ පැසිෆික් ගුවන් හමුදා සමඟ සහයෝගීතා  වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වන අතර  එය සයිබර් ආරක්ෂනය පිළිබද දැනුම සහ නව ප්‍රවනතාවක් පිළිබදව දෙරටේ නියෝජිතයන්ගේ දැනුම හුවමාරු කර ගැනීම සිදු විය.

2023 ජුලි මස 24 වන දින සිට 26 වන දින දක්වා ගුවන් හමුදා මූලස්ථානයේදී  පවත්වන ලද සයිබර් ආරක්ෂණ විශේෂඥ දැනුම හුවමාරු වැඩසටහන, සයිබර් ආරක්ෂණයේ තීරණාත්මක අංශ පිළිබඳ දැනුම බෙදාගැනීම සහ සහයෝගීතා සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේ වැදගත් අවස්ථාවක් සනිටුහන් විය.මෙම සාකච්ඡාව අතරතුර, සයිබර් ආරක්ෂණ විෂය විශේෂඥ දැනුම හුවමාරු වැඩසටහන් සඳහා අඩිතාලම දමන ලද අතර එය සාර්ථක ලෙස ක්‍රියාත්මක විය.

තවද මෙම වැඩසටහනේ දී  සන්නද්ධ හමුදාවන්හි විවිධ අංශ වල සහයෝගීතාවයෙන් සයිබර් තර්ජන වලදී එක්ව කටයුතු කිරීම සහ පොදු කණ්ඩායම් ලෙස  ක්‍රියාකරන කරන ආකාරය සාකච්චා  කරන ලදී. එසේම නව සයිබර් ප්‍රවණතාවයක් හා තාක්ෂණයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 5ක සයිබර් ආරක්ෂණ හැකියාවන් යාවත්කාලීන කිරීමේ මාර්ග සිතියමක් ආධාරයෙන්  ගැඹුරින් ගවේෂණය කිරීම සිදුවිය.

මෙම වැඩසටහනේදී පැසිෆික් ගුවන් හමුදා නියෝජිතයින් දෙදෙනෙකු තොරතුරු, දැනුම සහ අත්දැකීම් බෙදාගැනීම සිදුකල අතර, ඔවුන්ගේ විශේෂඥභාවය සහ දායකත්වය මෙම වැඩසටහනේ සාර්ථකත්වය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

මෙම වැඩසටහන  සදහා ආරක්ෂක අමාත්‍යංශයේ සයිබර් ආරක්ෂක විධානය,ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්ර තිචාර ඒකකය  (SLCERT)හි නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි