නව ගුවන් හමුදාධිපතිතුමන් හට ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උපහාර
8:29pm on Tuesday 8th August 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති තුමන් ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා හට උපහාර පිදීමේ උත්සවයක් එතුමා ද්විතික අධ්‍යාපනය ලැබු පාසල වූ ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලයේදී 2023 ඡූලි මස 27 වන දින පවත්වනු ලැබු අතර ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් බිහිවූ පලමු ගුවන් හමුදාධිපති තුමන් ලෙස එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා බණ්ඩාරනායක විද්‍යාලයේ ඉතිහාසයට එක් වන ලදී

බණ්ඩාරනායක විද්‍යාලයට පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් බණ්ඩාරනායක විද්‍යාලීය විදහල්පතිතුමන් විසින් පිලිගැනිමෙන් අනතුරුව විද්‍යාලීය බාලදක්ෂයින්ගේ ආචාරයෙන් අනතුරුව බණ්ඩාරනායක විද්‍යාලීය ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් නව ගුවන් හමුදාධිපති තුමන් වෙනුවෙන් උත්තමාචාර පෙළපාලියක් පවත් වන ලදි.  

අනතුරුව ගුවන් හමුදාපති තුමන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අමතමින් තමන් පාසල් කාළය තුලදි ක්‍රියා කරනු ලැබු ආකාරය පිළිබදවත් අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක වෙමින් ලබාගත් අත්දැකිම් තුලින් මෙවැනි සාර්ථක ගමනක් කරා පැමිණිමට තමන් හට හැකි වු බව ප්‍රකාශ කරනු ලැබු අතර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපන කටයුතු සදහා මෙන්ම ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක්වය ලබා දිමට කටයුතු කරමින් තම ජීවිත සාර්ථක කරගැනිමට අදිටන් කර ගන්නා ලෙස ප්‍රකාශ කර සිටින ලදි.

මෙම උපහාර උත්සවය අවසානයේ දි ගුවන් හමුදාධිපතිතුමන් හට විදුහල්පතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රධානය කල අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින් පාසල වෙත පිරිනමනු ලැබු සමරු තිළිණය විදුහල්පතිතුමන් වෙත ප්‍රධානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන්, ගුරුමහත්ම මහත්මීන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ත්‍රිවිධ හමුදා නිළධාරීන් ඇතුලූ පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි