මොරවැව ගුවන් හමුදා කඳවුර 50 වැනි සංවත්සරය ප්‍රජා සේවා වැඩසටහන් මාලාවක් සමඟින් සමරනු ලබයි
8:39pm on Tuesday 8th August 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර ප්‍රජා සේවා වැඩසටහන් මාලාවක් හරහා සමාජ සුබසාධනය සඳහා සම්බන්ධ වෙමින් 50 වැනි සංවත්සරය සමරන ලදී.  දේශීය පාසල් නඟා සිටුවීම, පරිසරය සුරැකීම, සෞඛ්‍ය පහසුකම් සඳහා සහය වීම සහ අන්තර් ආගමික සහජීවනය ප්‍රවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් මාලාවක් සංවත්සරය සැමරුමට ඇතුලත් විය.

2023 ජූලි 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර දේශීය පාසල් තුනක ඉගෙනුම් අවශ්‍යතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මොරවැව දකුණ සිංහල පාසල, මොරවැව උතුර සිංහල පාසල සහ නාමල්වත්ත නල්ලකුට්ටි මුස්ලිම් පාසල්වල ශ්‍රමදාන වැඩසටයන් පවත්වන ලදී. සිසුන් 220 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන මෙම පාසල ප්‍රසන්න වාතාවරණයක් ඇති කිරීම සඳහා පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම මෙමගින් සිදුකරන ලදී.

වෙරළබඩ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින් මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් 2023 ජූලි 24 වන දින නිලාවේලි වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ප්‍රාදේශීය පරිසර බලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව වෙරළේ ඇති අපද්‍රව්‍ය සහ සුන්බුන් ඉවත් කරන ලද අතර 2023 ජුලි 25 වැනි දින ජාතික ලේ බැංකුවට සමග දායක වෙමින් සහ හදිසි අවස්ථා වලදී ජීවිත රැසක් බේරා ගැනීමට හැකිවන පරිදි ලේ වැඩසටහනක් කදවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.

2023 ජුලි 26 වන දින රෝගීන් සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ගෝමරන්කඩවල රෝහල, මහදිවුල්වැව ප්‍රාදේශීය රෝහල සහ මොරවැව මූලික වෛද්‍ය සත්කාර ඒකකයේ ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදී. දිනකට ප්‍රතිකාර ලබන ආසන්න වශයෙන් 250 රෝගීන් සඳහා සුවපහසු වාතාවරණයක් ඇති කිරීම සඳහා පිරිසිදු කිරීම සහ අනෙකුත් ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම වැඩසටහන පවත්වන ලද අතර

ආගමික විවිධත්වයේ පොහොසත් ඉතිහාසය වැලඳ ගනිමින් මොරවැව ගුවන් හමුදා කඳවුර 2023 ජූලි 27 වැනි දින නාමල්වත්ත මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලිය, මොරවැව ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ පන්කුලම් පුල්ලෙයාර් හින්දු කෝවිල යන ස්ථානවල තවත් ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කළේය.

මානුෂීය මෙහෙයුම් වලදී මියගිය රණවිරුවන් 78 දෙනෙකු මෙම සිහිකිරීම සඳහා දානමය පිංකමක් 2023 ජූලි 28 වන දින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 50 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවයේදී මෙම විරුවන් කළ පරිත්‍යාගයට උපහාර පුදකරමින් සමස්ත ගුවන් හමුදාවටම ආශිර්වාද පතා පවත්වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි