එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය ධූර පත්‍රය නිරාවරණය කෙරේ
8:53pm on Tuesday 8th August 2023
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජූලි 31 වන දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ගොස් උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා හමුවිය.

උපකුලපතිවරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සුහද සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු ඵලක හුවමාරුවක්ද දෙදෙනා අතර සිදුකරන ලදී. අනතුරුව, ජාතියේ නාමයෙන් උත්තරීතර පරිත්‍යාගය කළ ත්‍රිවිධ හමුදාවේ ධෛර්ය සම්පන්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පුතුන් සිහිකරමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. ගුණානුස්මරණයෙන් අනතුරුව ගුවන්හ මුදාධිපතිතුමන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙය්දි සිය අමාත්‍ය ධූර පත්‍රය නිරාවරණය කරමින් උත්කර්ෂවත් උත්සවයකට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි