බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
9:06pm on Tuesday 8th August 2023
බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් මහතා  (Colonel Darren Woods ) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්  උදේනි රාජපක්ෂ මහතා සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තුමන් සාකචිජාවක නිරතවු අතර එහිදි දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනිම හා දෙරටේ හමුදා අතර පුහුණු අවස්ථාවන් ඇති කිරිම පිළිබද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදි.අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කර ගන්නා ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි