මුලතිව් ගුවන් හමුදා කඳවුර 12 වැනි සංවත්සරය සමරයි
9:20pm on Tuesday 8th August 2023
මුලතිව් ගුවන් හමුදා කඳවුර සිය 12 වන සංවත්සරය 2023 අගෝස්තු 03 වන දින සමරන ලදී.  දින සැමරුම ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන් පවත්වන ලද වැඩ පෙළපාලිය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීජීපීඑල් ජයතිලක නිළධාරීතුමන් විසින් සමාලේචනය කරන ලද අතර කඳවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්යමන්ඩලය එක්ව   ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.

2023 ජූලි 17 සහ 20 යන දිනයන්හිදී, මුල්ලවේලි දිස්ත්‍රික් මහ රෝහල සහ මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) කාර්යාලයේ සෞඛ්‍ය සම්පන්න පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, රෝගීන් සඳහා සුවපහසු වාතාවරණයක් ඇති කිරීම සඳහා රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මීට අමතරව වට්ටප්පලෙයි හන්දියේ බස් නැවතුමද සේවා නිලධාරීන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

2023 ජුලි 28 වැනි දින ජාතික රුධිර බැංකුව සමග එක්ව කදවුරේ නිළධාරීන්, සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලද අතර 70කට අධික පිරිසක් ලේ පරිත්‍යාග කළහ.  

සංවත්සර උත්සවයට සමගාමීව කඳවුරේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සාමාඡිකයින් අතර සහජීවනය ගොඩනැගීම එල්ලේ, ඩාර්ට්, කැරම්, වොලිබෝල්, ක්‍රිකට් සහ මේසපන්දු තරග පවත්වන ලද අතර  රාත්‍රී පාපන්දු තරගයෙන් දින සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි