ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය 8 වැනි සංවත්සරය සමරනු ලබයි
9:26pm on Tuesday 8th August 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය සිය 8 වැනි සංවත්සරය 2023 අගෝස්තු 05 වන දින සමරනු ලදී. නවෝත්පාදන සහ දේශීය සංවර්ධනය ප්‍රමුඛව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කිරීමේ මූලික අරමුණ ඇතිව පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය 2015 වසරේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පිහිටුවන ලදී.

පක්ෂාංග පරිශ්‍රයේ පවත්වන ලද රුක් රෝපණ වැඩසටහනකින් දින සැමරුම ආරම්භ වූ අතර ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පක්ෂාංගයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී. සංවත්සර උත්සවයට සමගාමීව, 2023 අගෝස්තු මස 03 වන දින අණදෙන නිළධාරීතුමන් ඇතුළු සියළුම නිළධාරීන් සහ සෙසු නිලයින් ගේ දායකත්වයෙන් "කටුනායක ලක්ෂ්මි ළමා නිවාසයේ" ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය පිංකමක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි