24 වැනි ජ්‍යෙෂ්ඨ කාන්තා ජාතික හොකී ශූරතාව – 2023 දී ආරක්‍ෂක සේවා කාන්තා හොකී කණ්ඩායම ජය ගනී.
9:30pm on Tuesday 8th August 2023
24 වැනි ජ්‍යෙෂ්ඨ කාන්තා ජාතික හොකී ශූරතාවලිය 2023 අගෝස්තු 06 වන දින වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී වෙන්නප්පුව හොකී සංගම් කන්ඩායම පරදා ආරක්‍ෂක සේවා හොකී කන්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙම තරගාවලියේ හොකී කණ්ඩායම් 9ක් තරග වැදුනු අතර, අවසන්  තරගයේදී කොළඹ හොකී කණ්ඩායම පරාජය කරමින් ආරක්‍ෂක සේවා හොකී කණ්ඩායම එම ඡයග්‍රනය හිමිකර ගත් අතර අවසන් මහා තරගයේදී වෙන්නප්පුව හොකී කණ්ඩායම ලකුණු 03-00ක් ලෙස පරාජයට පත් කරමින් ආරක්‍ෂක සේවා හොකී සංගම් කණ්ඩායම ශූරතාවට හිමිකරගන්නා ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මැසීස් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂ සචී පෙරේරා මහත්මිය සහභාගී විය.ජයග්‍රාහී ආරක්‍ෂක සේවා හොකී කණ්ඩායම නියෝඡනය කරමින් ගුවන් හමුදා සාමාඡිකාවන් හත් දෙනකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත් දෙනකු සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ හතර දෙනකු සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි