ජපන් - ලංකා මිත්‍රත්ව සංගමය ගුවන් හමුදාවට සහය දක්වයි
5:53pm on Thursday 17th August 2023
ජපන් - ලංකා මිත්‍රත්ව සංගමයේ, මොරිසාකි යෝෂි මහත්මිය සහ කාර්ය මණ්ඩලයේ නොමසුරු සහය ඇතිව ගිලන් රථයක් පරිත්‍යාග කිරීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන නිලධාරීන්ගේ සුදුසුකම් ලත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව 05 ක් සහ කියවීමේ උපැස් යුගල තොගයක් 2023 අගෝස්තු 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී. ගුවන් හමුදා මූලස්ථානයේ දී උත්සවාකාරයෙන් පැවත්වූ මෙම උත්සවයේදී දූත පිරිස විසින් ගිලන් රථය නිල වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.මෙම උත්සවය ප්‍රධාන ගිනි නිවන නිලධාරි ගෲප් කැප්ටන් සංජය විතාන විසින් සම්බන්ධීකරණය කරන ලද අතර අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර යන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම පරිත්‍යාගය අගයමින් ජපන් දූත පිරිසට මෙම දිනය අමතක නොවන දිනය බවට පත්කිරීමේ අරමුණින් විශේෂ සංස්කෘතික වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජපන් ලංකා මිත්‍රත්ව සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මිත්‍රත්වය 2015 වර්ෂයේ සිට පැවත එන අතර ගිනි නිවන රථ, ගිලන් රථ, ගිනි නිවන මෝටර් රථයක්, කියවීමේ උපැස් යුගල තොග සහ පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පරිත්‍යාග කිරීමෙන් එය ශක්තිමත් විය.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සභාපතිනි එනෝකා රාජපක්ෂ මහත්මිය, මොරිසාකි යෝෂි මහත්මිය ඇතුළු නියෝජිත පිරිස, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති ආචාර්ය ලාල් තිලකරත්න, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එරංගා හසන්ති මහත්මිය, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු සුරේෂ් ප්‍රනාන්දු සහ නිලධාරීන්, සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි