අංක 67 ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව අවසන් කරන ලදී
3:02pm on Friday 18th August 2023
අංක 67 විදේශ සහ රෙජිමේන්තු නිලධාරීන් සඳහා වූ ඉක්මන් ප්‍රතික්‍රියා පාඨමාලාව 2023 අගෝස්තු 09 වන දින මොරවැව රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේදී අඛණ්ඩව 7 වැනි වරටත් බංගලාදේශ ගුවන් හමුදාවේ සහ සැම්බියානු ගුවන් හමුදාවේ විශේෂ සහභාගිවන්නන් ඇතුලු 34 දෙනකුගෙන් සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදී.

මාසයක් පුරා පැවති පුහුණු පාඨමාලාව සදහා මූලික සංචලනය, අවි පුහුණුව, ක්ෂේත්‍ර යාත්‍රා, තත්‍ය කාලීන, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස සමඟින් උසස් වෙඩි තැබීම් අභ්‍යාස කෙරෙහි අවධානය යොමු කරන ලදී.

පුහුණුවන්නන් 34 දෙනෙකු පාඨමාලාව සාර්ථකව හදාරා ඇති අතර පුහුණුලාභීන් සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් රෙජිමේන්තු විශේෂ බළකායේ වැඩබලන අණදෙන නිලධාරී බලඝණ නායක ආර්.බැස්ටියන් ගේ සහභාගිත්වයෙන් සමාප්ති දේශනය පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි