ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවිය වඩාත් ජනප්‍රිය රාජ්‍ය වෙබ් අඩවිය ලෙසින් පිදුම් ලබයි
3:14pm on Friday 18th August 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවිය (www.aiforce.lk) ජනප්‍රියම රජයේ වෙබ් අඩවිය ලෙස තේරී පත් වූ අතර 'හොඳම වෙබ් තරඟය - 2023 සමස්ත කාර්ය සාධනය වෙනුවෙන් කුසලතා සම්මානයක් සමඟින් රාජ්‍ය කාණ්ඩයේ 'රන් සම්මානය' හිමිකරගන්නා ලදී. '

ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි, අංක 1 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සම්පත් කුමාර සහ ගුවන් හමුදා වෙබ් සංවර්ධන කණ්ඩායමේ කණ්ඩායම් නායක, ස්කොඩ්‍රන් ලීඩර් ලසිත පුෂ්පකුමාර යන නිළධාරීන් සහභාගී විය. සම්මාන උළෙල 2023 අගෝස්තු 09 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්විණි.

මෙම සම්මානය නිල වශයෙන් 2023 අගෝස්තු 11 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි මහතා විසින් පිරිනමන ලදී. මෙම අවස්ථාව සදහා විංග් කමාන්ඩර් සම්පත් කුමාර සහ ගුවන් හමුදා වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමේ කණ්ඩායම් නායක ස්කොඩ්‍රන් ලීඩර් ලසිත පුෂ්පකුමාර  ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ සහ පියාසර නිලධාරී එච්.එස්.ඩී.සුබසිංහ යන නිළධාරීන්ද සහභාගී විය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි