ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජාතික අත්පන්දු ශූරතාව දිනා ගනී
3:36pm on Friday 18th August 2023
වසර 12ක් පුරාවට නොපැවති ජාතික අත්පන්දු ශූරතාවලිය 2023 අගෝස්තු 14 වැනි දින ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ආර් රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි. මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ කණ්ඩායම් ඇතුළුව ක්‍රීඩා සමාජ 23ක් සහභාගී විය. අවසන් වරට මෙම තරගාවලියක් පැවැත්වුණේ 2011 වසරේදීය.

කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් නායක ගුවන් කාන්තා එරන්දි ඩබ්ලිව්පීගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය. අවසන් තරගය ලකුණු 25 – 21 ක් ලෙස ගුවන් හමුදා කාන්තා කණ්ඩායමට වාසිදායක ලෙස අවසන් වූ අතර 2023 වසර සඳහා කාන්තා ජාතික ශූරියන් ලෙස තේරී පත්විය. ශූරතාවලියේ අවසන් මහා තරගයට ගුවන් හමුදා අත්පන්දු සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් රජින්ත් ජයවර්ධන මහතා සහභාගී විය.

2023 අගෝස්තු 12 සිට 14 දක්වා පැවති තරඟාවලියේදී පහත සඳහන් ක්‍රීඩකයින් විශේෂ සම්මාන ලබා ගත්හ.

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව
නායක ගුවන් කාන්තා මධුරංගි කේ.කේ.ඩී

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව
නායක ගුවන් කාන්තා මුනිදාස එම්.එස්

හොඳම ගෝල රකින්නා
නායක ගුවන් කාන්තා ධර්මවර්ධන එච්.බී.ඩී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි