ගුවන් යානා සහයක පක්ෂාංගය සංවත්සරය සැමරීමේ සතුට පාසල් ළමුන් සමග බෙදාගනී
8:53pm on Thursday 31st August 2023
ගුවන් යානා ආධාරක පක්ෂාංගය (ASW) සිය 14 වන සංවත්සරය 2023 අගෝස්තු 14 වන දින සමරන ලදී. ගුවන් යානා සහ සාමාන්‍ය ඉන්ඡිනේරු යන අංශ දෙකෙහිම පියාසර මෙහෙයුම්වලට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු හැකියාවන් ඉහළ නැංවීමේ මූලික දැක්ම ඇතිව 2011 දී ගුවන් හමුදා රත්මලාන කඳවුරේදී ගුවන් යානා ආධාරක පක්ෂාංගය පිහිටුවන ලදී. මෙම පක්ෂාංගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාව ඉහළ නැංවීම සඳහා B-200, ‍Y-12, PT-6, බෙල් 212/412 සහ සෙස්නා 150 වැනි ගුවන් යානා අළුත්වැඩියා සිදු කරමින් විදේශ මුදල් දහස් ගණනක් රටට ඉතිරි කරයි.

සංවත්සර උත්සවයට සමගාමීව 2023 අගෝස්තු 11 වන දින රත්මලාන බිහිරි පාසලේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර පාසලේ ළමුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් විසඳීම සඳහා අතහැර දමා ඇති ගෘහ භාණ්ඩ ප්‍රතිසංස්කරණය කරන ලදී. තවද, පාසලේ ළමුන් සඳහා සලාක බෙදා දීම ද මෙහිදී සිදු කරන ලදී. 2023 අගෝස්තු 15 වන දින පක්ෂාංගයේ නිළධාරීන්, සියලුම සේවා පුද්ගලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද ක්‍රිකට් තරඟාවලියකින් සංවත්සර සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි