2023 අන්තර් ඒකක පාපැදි ශූරතාවලියේදී ගුවන් හමුදා කොළඹ කඳවුරෙන් විශිෂ්ට දස්කම්
8:55pm on Thursday 31st August 2023
2023 වසර සඳහා වූ අන්තර් ඒකක පාපැදි ශූරතාවලිය 2023 අගෝස්තු 14 වන දින සිට අගෝස්තු 15 වන දින දක්වා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිමාවට පත් විය.පාපැදි ක්‍රීඩාවේ හොඳම ක්‍රීඩා ඒකකය තෝරාගැනීම සඳහා පිරිමි සහ කාන්තාවන් සඳහා තනි පුද්ගල කාල පරීක්‍ෂණය සහ පිරිමි සහ කාන්තා සඳහා නිර්ණායක තරගය යන කාණ්ඩ යටතේ මෙම වසරේ තරග ඉසව් පවත්වන ලදී.

ශූරතාවලියේ ප්‍රමුඛතම ඉසව්ව වන පිරිමි නිර්ණායක තරඟය 2023 අගෝස්තු 15 දින විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් සහ ගුවන් හමුදා බාස්කට් බෝල් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් රංජිත් සේනානායක මහතා සහභාගී විය. කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී සහ ගුවන් හමුදා පාපන්දු සභාපති එයාර් කොමදෝරු සුරේෂ් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් සමන්ත වීරසේකර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකෙහිම කණ්ඩායම් ශූරතා දිනාගත් අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ තාක්ෂණික සැකසුම අංශය පිරිමි අනුශූරතාවය සහ කාන්තා අංශයේ අනුශූරතාව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය විසින් දිනා ගන්නා ලදී.
 
තරගාවලියේ කැපී පෙනෙන පුද්ගල දස්කම් පහත පරිදි දැක්වේ

තනි පුද්ගල කාල පරීක්‍ෂණය
 
1 ස්ථානය (පිරිමි) - TAV/010203 ගුවන් භට ප්‍රනාන්දු  ඩබ්එස්එන් ගුවන් හමුදා කටුනායක කඳවුර
1 වන ස්ථානය (කාන්තා) - AW/4547 නායක ගුවන් කාන්තා පෙරේරා කේබිඑන්පි ගුවන් හමුදා කඳවුර කොළඹ

 තනි පුද්ගල - නිර්ණායක තරඟය (පිරිමි)

1 වන ස්ථානය - 016098 නායක ගුවන් භට සඳරුවන් ගුවන් හමුදා කඳවුර කොළඹ  
2 වන ස්ථානය - 45740 නායක ගුවන් භට ගුවන් හමුදා කඳවුර කොළඹ
3 වන ස්ථානය - TAV/010225 ගුවන් භට පැතුම් ගුවන් හමුදා කඳවුර කොළඹ

තනි පුද්ගල - නිර්ණායක තරඟය (කාන්තා)
 
1 වන ස්ථානය - AW/4547 නායක ගුවන් කාන්තා පෙරේරා ගුවන් හමුදා කඳවුර කොළඹ
2 වන ස්ථානය - AW/4438 නායක ගුවන් කාන්තා ජයකොඩි ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය
3 වන ස්ථානය - AW/4935 නායක ගුවන් කාන්තා සත්‍යංගනී ටෙක් ෆෝමේෂන් කටුනායක

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි