ඉන්දිය රජය විසින් ලබාදි ඇති ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන්යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සදහා ඉන්යාවට පිටත්කර හැරිම හා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබු ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන්යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීම
8:59pm on Thursday 31st August 2023
ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර 2018 ජනවාරි මස 09 වන දින නවදිල්ලියේ පැවති දෙරටේ ආරක්ෂාව පිළිබද සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යාන ගුවන්යානා ලබාගැනීමේ හැකියාව පිළිබද අවධානය යොමු කරන ලදී.

එහිදී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් -228 සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් වසර දෙකක කාළයක් සඳහා නොමිලේ ලබාදීමට පියවර ගත් අතර එය 2022 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්හට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් නිළ වශයෙන් භාරදිම ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ දි සිදු කරන ලදි.

එසේ ශ්‍රී ලංකාව වෙත භාරදුන් ඩෝනියර් -228 සමුද්‍ර නිරීක්ෂණ ගුවන්යානය වසරක කාලයක් සක්‍රීය  සේවයේ යෙදෙමින් සුවිශේෂි සේවාවක් ඉටු කරනු ලැබු අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සදහා ඉන්දියාව වෙත යැවිමට කටයුතු කරන ලදි.එම ගුවන් යානය වෙනුවට අනුප්‍රාප්තික ඩෝනියර් -228 සමුද්‍ර නිරීක්ෂණ ගුවන්යානයක්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත අනුයුක්ත කිරිම 2023 අගෝස්තු මස 16 වන දින සිදුවිය.

මෙම ඩෝනියර් -228 සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය මුල්වරට ශ්‍රී ලංකාව වෙත ලැබිමෙන් පසු මෙහෙයුමි රැසකට දායකත්වය ලබාදි ඇති අතර එමගින් ශ්‍රී ලංකාගුවන් සීමාව හා සුවිශේෂි ආර්ථික කලාපය වටා ඇති මුහුදු තිරය (Exclusive Economic Zone) සමුද්‍රීය සහ වෙරළ ආවේක්ෂණ මෙහෙයුම් (Maritime and Coastal Surveillance Operations), සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් (Search and Rescue Operations), සමුද්‍රීය දූෂණය නිරීක්ෂණය සහ පාළනය (Maritime Pollution Monitoring and Control) කිරීමේ මෙහෙයුමි සදහා දායකත්වය ලබාදිම සිදු කරනු ලැබිය.

ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අනුප්‍රාප්තික ගුවන් යානය පිළිගැනිම සදහා ශ්‍රී  ලංකා රජය වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ඡේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ,ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් පැමිණ සිටින ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි