2023 වර්ෂය සඳහා අධිකාරී නොලත් නිළධාරීන් සඳහා ගුවන් ආරක්ෂණ වැඩමුළුවක් පවත්වනු ලබයි
9:04pm on Thursday 31st August 2023
2023 වසර සඳහා අධිකාරී නොලත් නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ අංක 16 සහ අංක 17 ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී සාර්ථකව අවසන් විය. අංක 16 වැඩමුළුව 2023 මාර්තු 13 සිට 2023 මාර්තු 17 දක්වා ආරම්භ වූ අතර අංක 17 වැඩමුළුව 2023 අගෝස්තු 14 සිට 2023 අගෝස්තු 18 දක්වා සියලුම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් අධිකාරී නොලත් නිලධාරීන් 44 දෙනකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම පස්දින වැඩමුළු මගින් ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති, ගුවන් සේවා කායික විද්‍යාව සහ මනෝවිද්‍යාව, ගුවන් යානා අනතුරු විමර්ශනය, ගුවන් යානා ගිනි නිවීම සහ ගුවන් ගමනාගමන සේවා අංශ වැනි ප්‍රධාන ගුවන් ආරක්ෂණ ක්ෂේත්‍ර පිළිබද ආවරණය කරන ලදී. සියලුම දේශන පවත්වනු ලැබුවේ සුදුසුකම් ලත් පළපුරුදු නිලධාරීන් මණ්ඩලයක් විසිනි.

සමාරම්භක දේශනය ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ එයාර් කොමදෝරු අමල් පෙරේරා මහතා විසින් පවත්වන ලදී. වැඩමුළු අංක 16 සහ අංක 17 සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පිළිවෙලින් 2023 මාර්තු 17 වන දින සහ 18 වන දින  නිලධාරී අංක 4 ප්‍රභූ ආරක්ෂක බලඝණයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හේවාවිතාරණ සහ එයාර් කොමදෝරු අමල් පෙරේරාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මේ අතර, ප්‍රධාන ගුවන් ගමන් ආරක්ෂක පරීක්ෂක විංග් කමාන්ඩර් එම්.වී.සී සිල්වා, අධ්‍යයන ප්‍රධාන ගුවන් ආරක්ෂක පරීක්ෂක විංග් කමාන්ඩර් පී.එස්.ලියනආරච්චි, පියාසර ආරක්ෂක පරීක්ෂක විංග් කමාන්ඩර් එස්.ඩී ගෝර්ඩන්, ගුවන් ආරක්ෂක පරීක්ෂක  ස්කොඩ්‍රන් ලීඩර් ඩබ්ලිව්.ඩී.එල්.පී.ඒ. සිල්වා සහ පාඨමාලා සම්බන්ධීකාරක සහ මාණ්ඩලික නිලධාරී ගුවන් ආරක්ෂක (ඉංජිනේරු) විංග් කමාන්ඩර් ඩබ්ලිව්.එම්.කේ.එන් වික්‍රමසිංහ යන මහත්වරු මෙම අවස්ථාවන්ට සහභාගි විය.

අංක 16 වැඩමුළුව

අංක 17 වැඩමුළුව
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි