චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
9:09pm on Thursday 31st August 2023
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 22 වන දින පෙළපාළි චතුරශ්‍රයේ දී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්ඩීජීඑම් සිල්වා විසින් එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී. එහිදී නික්මයන නිළධාරී, එයාර් කොමඩෝර් එස්ඩීඡිඑම් සිල්වා නිළධාරීතුමන්  ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිළධාරී තනතුර භාරගිනීමට නියමිතව ඇත.

සම්ප්‍රදායික පෙළපාලිය අවසන් වූ විගස ආගමික ආශිර්වාද මධ්‍යයේ නව අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන් නව තනතුර භාර ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරායේ ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිළධාරී ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිලධාරියා ලෙස සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි