ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
9:14pm on Thursday 31st August 2023
කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 22 වන දින කදවුරු පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පිඑන්ඡේ ද සිල්වා නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එම්පි අබේවික්‍රම නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

අභිනවයෙන් පත් වූ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පි අබේවික්‍රම නිළධාරීතුමන් ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ වැඩ භාරගෙන මෙම අමතක නොවන දිනය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළේය.

නික්ම යන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීඑන්ජේ ද සිල්වා මහතා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගගන පර්යේෂණ හා සංවර්ධන පක්‍ෂාංගයේ අණදෙන නිළධාරියා ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

 කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරීතුමන් ලෙස රාජකාරි භාරගැනීම


කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගගන පර්යේෂණ හා සංවර්ධන පක්‍ෂාංගයේ අණදෙන නිළධාරියා ලෙස රාජකාරි භාරගැනීම
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි