පකිස්තාන මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර නිල හමුවක්
9:17pm on Thursday 31st August 2023
ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් මහතා 2023 අගෝස්තු 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ආරක්‍ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සහ විභව පුහුණු අවස්ථා ගවේෂණය කිරීම සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව, පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පවතින චිරස්ථායී සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ගුවන් හමුදාපතිතුමන් සහ සංචාරයට පැමිණි ආරක්‍ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි