ගුවන් හමුදාපතිතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් කර ඇත.
11:41pm on Thursday 7th September 2023
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හමුදා සහ සිවිල් රාජ්‍ය සේවයට දායකත්වයක් ලබා දුන් සුවිශේෂී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදි සිසුන්ට උපහාර දැක්වීමේ අරමුණින් වේදිකාවක්  2023 අගෝස්තු 25 වන දින විවෘත කරන ලදී.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ගෞරවනීය ආදි ශිෂ්‍යයෙකු වන එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, හෝල් ඔෆ් ෆේම් විවෘත කිරීම වැදගත් අවස්ථාවක් උදා විය. පාඨමාලා අංක 6හි සාමාජික එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස මෙම ගෞරවනීය පිළිගැනීමට පාත්‍ර වූ පළමු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධාරියා වීමේ ගෞරවය හිමිකර ගැනීම විශේෂත්වයකි.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සමග ඵලදායී හමුවක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හි හමුදා සහ සිවිල් උපාධි අපේක්ෂකයින් අමතා ප්‍රබෝධමත් දේශනයක් පැවැත්වීය, ඔහු තම ගමනේදී මුහුණ දුන් අභියෝග සහ හොඳ පෞරුෂයක් සඳහා ඇති කළ යුතු පෞද්ගලික ලක්ෂණ පිළිබඳ අවධාරනය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි