ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
10:30am on Saturday 9th September 2023
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ ඉන්දීය යුද, නාවික සහ ගුවන් හමුදාවේ නියෝජිත පිරිසක් 2023 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. මෙම දූත පිරිසේ ප්‍රධානියා වූයේ කොමදෝරු අරවින්ද් රාවල්ය.

දූත පිරිසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් නිල සමරු තිළින හුවමාරු කර ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි