12 වැනි ආරක්ෂක සේවා කැරම් ශූරතාව
10:50am on Saturday 9th September 2023
2023 අගෝස්තු 29 වන දින සහ 30 යන දෙදින තුළ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු වැලිසර හිදී පැවති 12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී පිරිමි කැරම් ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා පිරිමි කැරම් කණ්ඩායම සමත් විය. තරගාවලිය පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම පවත්වන ලද අතර කාන්තා කණ්ඩායම කාන්තා අංශයේ අනුශූරතාව හිමිකරගැනීමට සමත්විය.
 
රියර් අද්මිරාල් එච් එස් බාලසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජාතික මට්ටමේ කැරම් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමඟ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි