ශ්‍රී ලංකා ගුවන් චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල 23 වන සංවත්සරය සමරනු ලබයි
10:54am on Saturday 9th September 2023
ශ්‍රී ලංකා ගුවන් චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල සමාජ ආගමික සහ විනෝදාත්මක ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දෙමින් සිය 23 වන සංවත්සරය 2023 සැප්තැම්බර් 01 වන දින සමරන ලදී. අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල 2000 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එය ගුවන් හමුදාවේ නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කාර්යක්‍ෂමව කටයුතු කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ නායකත්ව ගුණාංග සහ කළමනාකරණ කුසලතා වර්ධනය කිරීම මූලික අරමුණ වේ. දින සැමරුම් උළෙල කදවුරු පරිශ්‍රයේ පැවති වැඩ පෙළපාලියකින් ආරම්භ කෙරුනු අතර අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීඩීඩීපීකේ හතුරුසිංහ විසින් සියලුම පාසල් කාර්ය මණ්ඩලය සහ අභ්‍යාසලාභීන් අමතන ලදී.
 
සංවත්සර උත්සවයට සමගාමීව 2023 අගෝස්තු 27 වැනි දින චීන වරාය නාලන්දා විද්‍යාලයේ “ශ්‍රමදාන” ව්‍යාපාරයක් සංවිධානය කරන ලද අතර 2023 අගෝස්තු 30 වැනි දින විද්‍යාපීඨ විහාරස්ථාන පරිශ්‍රයේ “ධර්ම දේශනාවක්” පවත්වන ලදී. විද්‍යාපීඨ ක්‍රීඩා පිටියේදී කාර්ය මණ්ඩලය සහ අභ්‍යාසලාභී අධිකාරී නොලත් නිලධාරීන් අතර ක්‍රිකට් තරඟාවලියකින් සැමරුම් උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි