ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා පාලවි කඳවුරේ පරීක්ෂණ චාරිකාවක නිරතවෙයි
11:04am on Saturday 9th September 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 සැප්තැම්බර් 01 වන දින පාලවි ගුවන් හමුදා කඳවුරේදී වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.

කදවුරට පැමිනී ගුවන් හමුදාධිපතිතුමන් හට විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලද අතර ගුවන් හමුදාවට දක්වන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පහත සඳහන් පුද්ගලයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානයද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

බළපංති සැරයන් ජයතිලක ඊඑම්එස්බී (මෙහෙයුම් භූමි I)
කෝප්‍රල් ජයසිංහ ඒඒ (මෙහෙයුම් භූමි III)

පරීක්‍ෂාව අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, අංක 38 රෙජිමේන්තු පක්ෂාංගය, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල, අංක 05 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය ඇතුළු කදවුරේ අනෙකුත් සියලුම අංශ නිරීක්ෂණය කරන ලදී. පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවකයන් අමතමින් ගුවන් හමුදාව තුළ විශ්වාසය පවත්වා ගැනීම සඳහා අවංකභාවය සහ සංවිධානයට පක්ෂපාතීත්වය ඇතුළත් අඛණ්ඩතාව ඉතා වැදගත් බව අවධාරණය කරන ලදී.අවසාන වශයෙන්, ගුවන් හමුදාව වෙත ඔවුන්ගේ කැපවීම සඳහා සියළුම පුද්ගලයින් වෙත සිය කෘතඥතාව පළ කළේ

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි