ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර 72 වැනි සංවත්සරය සමරනු ලබයි
11:13am on Saturday 9th September 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර එහි 72 වන සංවත්සරය 2023 සැප්තැම්බර් 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදි. සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් අනතුරුව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්ඩීජීඑම් සිල්වා නිළධාරීතුමන් විසින් කඳවුරේ සියලුම නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතීම සමඟින් දින සැමරුම ආරම්භ විය.
 
සංවත්සර සැමරුමට සමගාමීව,  කඳවුරේ සෑම අංශයක්ම නියෝජනය කරමින් ආසන්න වශයෙන් පුද්ගලයින් 125 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු 11 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලද.

සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නගාසිටුවීමේ අරමුණින් 2023 අගෝස්තු 21 වන දින මහෝෂද ළමා නිවාසය, කටුවාපිටිය දේවස්ථානය, කුරණ දුම්රිය ස්ථානය, මහමෙව්න අසපුව කිඹුලාපිටිය, විජයාරාම විහාරස්ථානය කටාන සහ අබයසේකරරාම විහාරස්ථානය බෝලවලාන යන ස්ථානවල ශ්‍රමදාන ව්‍යාපාර පවත්වන ලදී.

ඊට අමතරව කඳවුරේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සහජීවනය ගොඩනැගීම සඳහා ක්‍රිකට් සහ නෙට්බෝල් තරග සංවිධානය කරන ලද අතර ටොම්බෝලා රාත්‍රියක් පවත්වමින් දින සැමරුම් උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි