ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 02 ප්‍රවාහන බලඝණය සිය අභිමාවත් 66 වන සංවත්සර සමරයි
11:14am on Saturday 9th September 2023
මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන C-130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානා වලින් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා "Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය 2023 සැප්තැම්බර් 01 වන දින අභිමානවත් අයුරින් සමරනු ලදී. වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අණදෙන නිළධාරියකු ලෙස මෙන්ම ගුවන් නියමුකු ලෙස කටයුතු කරනු ලැබු මෙම බලඝණය දේශයේ සුරක්ෂිතභාවය ආරක්ෂාකිරිම සදහා සක්‍රීය දායකත්වය ලබා දි ඇත.
 
1959 සැප්තැම්බර් මාසයේදී De-Havilland Heron ගුවන් යානා දෙකක්  එංගලන්තයෙන්  මිල දී ගැනිමත් සමග මෙහෙයුම් හැකියාව වැඩි දියුණු කිරීමට මෙම බලඝණයට හැකි වු අතර Heron ගුවන් යානා පැමිණීමත් සමග නැගෙනහිරින් ඉන්දුනීසියාව සහ බටහිරින් කයිරෝ දක්වා විහිදුණු රාජකීය ලංකා ගුවන් හමුදාවේ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා සක්‍රිය දායකත්වය ලබා දෙන ලදි  .

1985 දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමත් සමඟ අංක 2 බලඝණය රත්මලාන ගුවන් හමුදා කදවුර වෙත රැගෙන යන ලදී. 1986 දී තවත් HS 748 (Avro), SF 260 TPs පහක්  සහ Y-12 ගුවන් යානා දෙකක් බලඝණය වෙත එක් වු අතර නව ගුවන් යානා සමඟ බලඝණය භට පිරිස්, ප්‍රභූවරුන් සහ භාණ්ඩ ප්‍රවාහනය  වෙනත් වාණිජ ගුවන් ගමන්, ගුවන් සමීක්ෂණ මෙහෙයුම් දක්වා සිය කාර්යභාරය පුළුල් කරන ලද

අංක 2 ප්‍රවාහන බලඝණය මානුෂිය මෙහෙයුම සදහා සක්‍රිය දායකත්වයක් ලබා දුන් අතර මෙම බලඝණය ගුවන්යානා සතුරු ප්‍රහාරයන්ට ද ලක් විය.  ඒ අනුව  HS 748 ගුවන් යානා දෙකක්, AN 32 (ඇන්ටනෝව්32 )  ගුවන් යානා දෙකක් සහ Y-8 ගුවන් යානයක් එලෙස ප්‍රහාරයන්ට ලක්වන ලදි  

අනතුරුව අංක 2 ප්‍රවාහන බලඝණයේ  ගුවන් ශක්තිය වැඩිකිරිම සදහා 1996 වසරේ දී AN 32(ඇන්ටනෝව්32 )  ගුවන් යානා හතරක්   බලඝණයට එක්කර ගන්නා ලදි.  ප්‍රවාහන මෙහෙයුම්  වැඩිවිමත් සමග එය සපුරාලීම සඳහා  1995 දී අහිමි වූ  AN 32 යානා දෙක ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරනු ලැබු අතර 2000 වසරේ දී මෙම බලඝණය විසින් C-130 හර්කියුලිස් ගුවන් යානා දෙකක්  AN 32 (ඇන්ටනෝව්32 ) ගුවන් යානා තුනක් ද එක්කර ගන්නා  ලදි


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි