ගුවන් හමුදාධිපතිතුමන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
11:28am on Saturday 9th September 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල 2023 සැප්තැම්බර් 01 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

පරීක්‍ෂණය අතරතුර, කඳවුර මූලස්ථානය, අංක 31 රෙජිමේන්තු පක්‍ෂය, ගුවන් භට සහ ගුවන් කාන්තා නිවස්න ප්‍රදේශ, ගුවන් ආරක්‍ෂක තුවක්කු සහ ගුවන් සුනඛ අංශය සහ කඳවුරේ අනෙකුත් සියලුම ප්‍රදේශවල පරීක්‍ෂණයේ නිරතවිය. පරීක්‍ෂණය අවසන් කරමින්, ගුවන් හමුදාධිපතිතුමා විසින් විශේෂයෙන් ගුවන් තොටුපළට සහ පොදුවේ ගුවන් හමුදාවට දක්වන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පහත සඳහන් පුද්ගලයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.


කෝප්‍රල් ගීගනගේ - මෙහෙයුම් භූමි II
නායක ගුවන් භට බණ්ඩාර  - මෙහෙයුම් භූමි II
 
ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිළයන් සහ සිවිල් සේවකයින් ඇමතූ අතර, ගුවන් හමුදාව වෙත ඔවුන් දක්වන කැපවීම පිළිබඳව සියළුම පුද්ගලයින් වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිරසාර ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය පදනමක් ලෙස ක්‍රියා කරන ආදර්ශමත් ස්වයං විනයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. එපමණක් නොව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ විශ්ව ආරක්ෂක විගණන වැඩසටහන හරහා 92% ක ලකුණු මට්ටමක් ලබා ගනිමින් මෙම ගුවන් තොටුපළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෞරවයක් ගෙන දී ඇති බව ඔහු අවධාරණය කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි