අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව 72 වැනි සංවත්සරය සමරනු ලබයි
11:40am on Saturday 9th September 2023
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව 2023 සැප්තැම්බර් 04 වන දින සිය 72 වන සංවත්සරය සමරන ලදී. සම්ප්‍රදායික වැඩ පෙළපාලියෙන් දින සැමරුම ආරම්භ වූ අතර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එන් පී මෙරගලගේ නිළධාරීතුමන් විසින් ඩිපෝවේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතන ලදී.

සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එන්.තිලකසිංහ මහතා සහභාගි වූ අතර, සංවත්සර උත්සවයට සමගාමීව උදෑසන ඩිපෝ සම්මන්ත්‍රණ ශාලාවේදී ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්විණි.

තවද, අණදෙන නිළධාරීතුමාගේ මගපෙන්වීමකට අනුව අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ සියලුම සාමාජිකයින්ගේ දායකත්වයෙන් එදිනම ඇවරියවත්ත "ලක්ෂ්මි" ළමා නිවාසයේ පුණ්‍ය වැඩසටහනක් පවත්වන ලදී. තවද ක්‍රීඩා උපකරණ සහ ඇඳ ඇතිරිලි පරිත්‍යාග කළ අතර ළමුන් සඳහා රාත්‍රී ආහාරය ද පිරිනැමීමෙන් අනතුරුව දින සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි