ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී
8:46pm on Friday 22nd September 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 සැප්තැම්බර් 08 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්එම්ටී රාජපක්ෂ නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් සිඡේ ගොඩකන්ද නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.   

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී.ජේ ගොඩකන්ද නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 2 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිළධාරී ලෙස සේවය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි