පලාලි ගුවන් මිතුදම් ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වේ
3:12pm on Tuesday 3rd October 2023
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ පලාලි ගුවන් හමුදා කඳවුර විසින් 2023 සැප්තැම්බර් 27 වන දින පලාලි යාල්/ අච්චලු සෛවප්‍රකාශම් විද්‍යාලයේදී ‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතිය සාර්ථකව පවත්වන ලදී.

මෙම පාසලේ සිසුන් 250ක් පමණ අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට ඉගෙනීමට පහසු වන පරිදි මෙම පාසලේ නව තාක්ෂණික පන්ති කාමරය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමිල මනතුංග විසින් යාල්/අච්චලු සෛවප්‍රකාශම් විද්‍යාලයේ සිසුන් වෙත භාරදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර හා එක්ව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයන ලදී. මෙම උත්සවය සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන්ගේ පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි