ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් - 2023 බණ්ඩාරගම පර්ල් බේ වෝටර් පාර්ක්හිදී පැවැත්විණි
3:17pm on Tuesday 3rd October 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම 2023 සැප්තැම්බර් 30 දින බණ්ඩාරගම "පර්ල් බේ" ජල උද්‍යානයේදී පවත්වන ලදී. ගුවන් හමුදා කදවුරුවල සේවයේ නියුතු සාමාඡික සාමාඡිකාවන්ගේ සහ සිවිල් සේවක මන්ඩලයේ දරුවන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීම මෙම උත්සවයේ අරමුණ විය. මෙම අවස්ථාවට ළමුන් 1000 කට අධික පිරිසක් සහභාගී විය.

පර්ල් බේ විවේක ක්‍රියාකාරකම් සමඟ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කරන ලදී. මෙම ක්‍රියාකාරකම් සඳහා ගුවන් සුනඛ සංදර්ශනයක්, ගුවන් හමුදා තූර්ය වාදක සංදර්ශනයක්, හොරණ තක්ෂිලා විද්‍යාලයේ සහ වල්ගම ශ්‍රී සද්ධාතිස්ස විද්‍යාලයේ පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරඟවලින් ජයග්‍රාහී කන්ඩායම්වල නැටුම් ප්‍රදර්ශනය, ළමා මුහුණු පින්තාරු කිරීම, රාජකීය විද්‍යාලයීය සාගා ආයතනයේ ප්‍රසංගයක් ඇතුළත්ව මෙය වර්ණවත් විය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිර්මාණ කරන ලද ඩ්‍රෝන් සහ ආදර්ශ ගුවන් යානා ප්‍රදර්ශනයක්, විශේෂ ළමා ක්‍රීඩා සහ ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාව විසින් සංවිධානය කරන ලද තිර පරීක්ෂණ ඇතුළු තවත් බොහෝ ඉසව් ද ඇතුළත් විය.

මීට අමතරව,"ගුවන් රන්-දරු සිත්තම්" චිත්‍ර තරඟය සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී විය. මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, පර්ල් බේ වෝටර් පාර්ක් හි විධායක අධ්‍යක්ෂ සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ග්‍රිබ්සන් හපුකොටුව මහතා සහ Eඇඵ් විකාශන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදාර විජේසිංහ මහතා, ගුරුවරුන්, ආරාධිත පාසල්වල ළමුන්, අනෙකුත් අමුත්තන්, දෙමාපියන් සහ දරුවන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි