ලෝක ළමා දිනය ගුවන් හමුදා කෞතුකාගාරයේදී සමරයි
3:27pm on Tuesday 3rd October 2023
ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමුන් වෙනුවෙන් කැප වූ විශේෂ වැඩසටහනක් 2023 ඔක්තෝබර් 01 වන දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී පැවැත්විණි. ටීවී දෙරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරන ලද මෙම සුවිශේෂී අවස්ථාවට ළමුන් 25,000 කට අධික සංඛ්‍යාවකගේ මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් කීර්තිමත් ව්‍යවසායකයෙකු සහ ගුවන්විදුලි හා රූපවාහිනී ව්‍යාපාර යන දෙඅංශයෙන්ම ප්‍රවිනයකු වු දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් හි සභාපති දිලිත් ජයවීර මහතා සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ගුවන් බාලදක්ෂයින් විසින් උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී. මෙම උත්සවය තරුණ සහභාගිවන්නන් සඳහා විශේෂයෙන් සංවිධානය කරන ලද විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක් ඇතුලත්වන ලදී. මෙම උත්සවය අතරතුර දිලිත් ජයවීර මහතා විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත රුපියල් මිලියනයක මුල්‍ය ආධාර පරිත්‍යාග කරන ලදී.

ප්‍රධාන සම්භාවනීය අමුත්තන්ට අමතරව, ගුවන් හමුදා රත්මලාන කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා, ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ, රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් දයාන් සුමනසේකර ඇතුළු ගෞරවනීය පිරිසක් මෙම සමාරම්භක උත්සවයට සහභාගී විය. , .

මෙම උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස ග්‍රාමීය ප්‍රදේශවල පදිංචි සිසුන් 100 කට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට ගුවන් හමුදාව මන්චි බිස්කට් ත්‍යාගශීලීත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. ලංකාගම, වාලචේන, හැටන් සහ වයවිලාන් යන ප්‍රදේශවලින් පැමිණි මෙම සිසුන්ට කොළඹට නොමිලයේ සංචාරයක් සඳහා අවස්ථාව ලබා දෙන ලදී.


A memorable experience for 100 students residing in rural areas
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි