ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවබෝධතා ගිවිසුම අත්සන් කරයි
2:39pm on Wednesday 11th October 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුම 2023 ඔක්තෝබර් 04 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම ගිවිසුමේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර, විශේෂයෙන්ම ගුවන් සේවා පුහුණු, අධ්‍යාපන සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රංජිත් සේනානායක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නූටාල් මහතා, මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවා විද්‍යාලයේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ආරාධිතයින් ඇතුළු සම්භාවනීය පුද්ගලයින් රැසක් උත්සවයට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි