ගුවන් හමුදාධිපතිතුමන් විසින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරන ලදි
2:54pm on Wednesday 11th October 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 ඔක්තොම්බර් 06 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.පරික්ෂණ පෙළපාලිය අතරතුර ගුවන් භටයින් තිදෙනෙකුහට ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය සහ ප්‍රශංසනීය ක්‍රියා අගයමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ප්‍රශංසා පිරිනමන ලදී. ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

බළපංති සැරයන් ප්‍රදීප් කුමාර වීපීජී
බළපංති සැරයන් නුවන් එම්ජී
කෝප්‍රල් දසනායක  

පූර්ණ දින පරීක්ෂාව අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, ගුවන් හමුදා කෞතුකාගාරය, අංක 27 රෙජිමේන්තු පක්ෂාංගය, බළලත් නිලධාරී නිවස්නය, අංක 2 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ අංශය, ගුවන් යානා ආධාරක පක්‍ෂය, අංක 1 තොරතුරු තාක්ෂණ අංශය, මූලික රෝහල, ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් අංශය, සුබසාධන ව්‍යාපෘති ඒකකය, අංක 08 සැහැල්ලු ප්‍රවාහන බලඝණය, අංක 04 හෙලිකොප්ටර් බලඝණය, අංක 61 පියාසැරි සහ සිදුවීම් කළමනාකරණ ඒකකය සහ ගුවන් භට/ගුවන් කාන්තා භෝඡනාගාරය අනෙකුත් සියලුම ස්ථාන පරික්ෂණය සිදුකරන ලදී.අනතුරුව නිළධාරීන් සෙසු නිලයින් සමග දිවා භෝඡන සංග්‍රහයකට සහභාගී වන ලදි.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිලයන් සහ සිවිල් සේවකයන් අමතමින් ජාතියේ ආපදා කළමනාකරණයට සහය වීම සඳහා සෙවුම් සහ ගලවා ගැනීමේ සහ සලාක බෙදා හැරීමේ මෙහෙයුම් වලදී පියාසර බලඝණවල වැදගත්කම සහ ඔවුන් විසින් ඉටු කරන වැදගත් කාර්ය භාරය පිළිබඳව සිය දේශනයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කළ අතර සමස්තයක් ලෙස සංවිධානය නීතිමය සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් ඉහළ මට්ටමේ විනයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතරම, සියලුම සේවා පුද්ගලයින් සඳහා සේවා-ජීවිත සමතුලිතතාවයක් සහ පුද්ගලික විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. අවසාන වශයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදෙන කැපවීම වෙනුවෙන් අණදෙන නිළධාරීතුමන් ඇතුළු සෙසු නිළයින්ට සිය කෘතඥතාව පළ කළේය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි