ගුවන් හමුදාව විසින් හදිසි ප්‍රතිචාර දැක්විමේ අභ්‍යාසයක් පවත්වයි
11:47am on Thursday 19th October 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් 2023 ඔක්තෝම්බර් 10 වන දින උදෑසන වැල්ලවත්ත ෆ්‍රේසර් පිටියේදී ගුවන් අනතුරු හදිසි ප්‍රතිචාර සරඹයක් පවත්වන ලදී. මෙම අභ්‍යාසය සැලසුම් කර ඇත්තේ පුද්ගලයන් අට දෙනෙකු රැගත් MI - 17 හෙලිකොප්ටරයක් වැල්ලවත්ත අවට ප්‍රදේශයේදී අනතුරට පත් වූ උපකල්පිත අවස්ථාවක් අනුකරණය කිරීම සඳහා ය.

මෙම අභ්‍යාසයේ පරමාර්ථය වූයේ ගිනි නිවන භටයින්, ආපදා සහන ප්‍රතිචාර කණ්ඩායම (DART), වෛද්‍ය, විනයාරක්ෂක සහ බුද්ධි අංශ ඇතුළු විවිධ විශේෂිත කණ්ඩායම් මෙම මෙහෙයුම් සදහා සහභාගී වූ අතර මෙහිදී සැබෑ හදිසි අවස්ථාවකදී ඔවුන්ගේ වේගවත් හා ඵලදායී ප්‍රතිචාරය, සූදානම සහ වෘත්තීය හැකියාවන් ඇගයීම සහ ප්‍රදර්ශනය කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු පිඑස්එන් ප්‍රනාන්දු නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සහ අංක 28 රෙජිමේන්තු පක්‍ෂයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මංගල සෙනෙවිරත්න ගේ සම්බන්ධීකරණයෙන් මෙම සුවිශේෂී පුහුණු අභ්‍යාසයක් සිදු කරන ලදී.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි