ඉන්දියානු නාවික හමුදාවේ විදේශ සහයෝගීතා මාණ්ඩලික ප්‍රධානීතුමන් සහ මාණ්ඩලික ප්‍රධානීතුමන් අතර හමුවක්
10:59am on Wednesday 25th October 2023
ඉන්දීය නාවික හමුදාවේ විදේශ සහයෝගීතා මාණ්ඩලික ප්‍රධානීතුමන් වන රියර් අද්මිරාල් නිර්භයි බප්නා මහතා සහ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා අතර නිළ හමුවක් 2023 ඔක්තෝබර් 17 වන දින සිදුකරන ලදී. මෙම හමුව ගුවන් හමුදාධිපතිතුමන් විදේශගතව සිටින බැවින් මාණ්ඩලික ප්‍රධානීතුමන් අතර පැවැත්විණි.

මාණ්ඩලික ප්‍රධානීතුමන් සහ දිවයිනට පැමිණි ප්‍රභූන් අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත් වූ අතර, අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි