ඉන්දියානු නාවික හමුදාවේ උසස් සැහැල්ලු හෙලිකොප්ටරයක් කටුනායක ගුවන් හමුදා කඳවුරට පුහුණුව සඳහා පැමිණේ
11:02am on Wednesday 25th October 2023
ඉන්දියානු නාවික හමුදාවේ උසස් සැහැල්ලු හෙලිකොප්ටරයක් 2023 ඔක්තෝම්බර් 19 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත පැමිනෙන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සඳහා නැව් හෙලිකොප්ටර් මෙහෙයුම් සඳහා පුහුණුවක් ලබා දීම මෙන්ම සහයෝගීතා පුහුණු වැඩසටහන මගින් ඉන්දීය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගීතා වර්ධනය කිරීමද සිදුවනු ඇත.

මෙම පුහුණු යෙදවීමේ මූලික අරමුණු වනුයේ ගුවන් හමුදා නියමුවන් උසස් සැහැල්ලු හෙලිකොප්ටරය සමඟ හුරු කරවීම සහ සහය නියමු අත්දැකීම් ලබා දීමයි. මීට අමතරව, පුහුණු කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැව් මතද ගොඩබෑමේ පුහුණුවීම්වල නිරත වනු ඇත.

ඉන්දියානු නාවික හමුදාවේ ස්වදේශික උසස් සැහැල්ලු හෙලිකොප්ටරය ශ්‍රී ලංකාවට යෙදවීම 2022 මාර්තු 23 වන දින ආරම්භ වූ පුහුණු ප්‍රයත්නවල ප්‍රථිඵලයකි. පෙර පුහුණුවීම්වලදී ගුවන් හමුදා නියමුවන් සහාය නියමු පුහුණුව ලැබූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් නැව් මත ගොඩබෑමේ පුහුණුව ලබා ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි