අන්තර් ඒකක හොකී ශූරතාව 2023
11:31am on Wednesday 25th October 2023
අන්තර් ඒකක හොකී ශූරතාවලිය 2023 ඔක්තෝබර් 20 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී අවසන් විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජනරාල් සුබසාධන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු සහභාගීවූ අතර අවසන් මහා තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි 11-ඒ කාණ්ඩයේ ශූරතාවයට හිමිකම් කියන අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල අනුශූරතාව හිමිකර ගන්නා ලදී. ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා 7-ඒ කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය අනුශූරතාව දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු කණ්ඩායම විසින් පිරිමි 7-ඒ පාර්ශ්ව ශූරතාව දිනාගත් අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල අනුශූරතාව හිමිකර ගන්නා ලදී.

අවසන් තරගය නැරඹීම සඳහා ගුවන් හමුදා හොකී සංචිත සභාපති එයාර් කොමඩොර් ෂෙහාන් විජයනායක, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි