ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර 39 වන සංවත්සරය සමරයි
11:45am on Wednesday 25th October 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර 2023 ඔක්තෝබර් 19 වන දින සිය 39 වන සංවත්සරය සමරයි. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජගත් ගොඩකන්ද විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම ආරම්භ විය. අණදෙන නිළධාරීතුමා විසින් කදවුර සංවර්ධනයට දායක වූ සියලුම අතීත අණදෙන නිළධාරීන් සහ අනෙකුත් සාමාජිකයින් වෙත සිය අවංක කෘතඥතාවය පුද කරන ලදී. අනතුරුව, අණදෙන නිළධාරී, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් කදවුරු පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව කොග්ගල වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, හබරාදූව මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සහ හබරාදූව පොදු සුසාන භූමියේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් ද පවත්වන ලදී.

සංවත්සර සැමරුම කදවුරු ක්‍රීඩාංගනයේ දී සියලුම සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද වොලිබෝල් තරඟාවලියකින් සහ සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව නිමාවට පත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි