Techno 2023" ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනයේ දෙවන දිනය ගුවන් හමුදාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
11:50am on Wednesday 25th October 2023
"Techno 2023" ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් 20 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ කරන ලද අතර, මෙහි දෙවන දිනය වන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන් සහභාගී වන ලදි. ගුවන් නියමුවෙකු සහ වෘත්තිය ඉන්ජිනේරුවෙකු වන ගුවන් හමුදාපතිතුමන් සමාරම්භක කථනයේදි ආරක්ෂක හමුදා නවෝත්පාදනය තාක්ෂණික සොයාගැනීම් ශ්‍රී  ලංකාවේ ආර්ථිකය ගොඩනැගිමේදි කෙතරම් දුරට ඉවහල්වනවාද යන්න පැහැදිලි කරන ලදි.

වාර්ෂිකව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය තුලින් අනාගතයේ නවෝත්පාදකයින් බිහිකිරීමට ඉමහත් අස්වැසිල්ලක් වන අතර "Techno 2023" ප්‍රදර්ශනයේ මෙම වසරේ තේමාව වන්නේ 'ඉංජිනේරු තාක්ෂණය තුලින් ආර්ථිකය ගොඩනැගීම’ යන්නයි.  "Techno 2023" යනු හුදෙක් ප්‍රදර්ශනයක් පමණක්ම නොවන අතර එය සංවාදය, දැනුම හුවමාරුව සහ ඉංජිනේරුතාක්ෂණික සහයෝගීතාවය සඳහා සංවිධානය කර ඇත

 


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි