එයාර් වයිස් මාර්ෂල් ඕඒඑන්එස් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
12:27pm on Thursday 2nd November 2023
එයාර් වයිස් මාර්ෂල් ඕඒඑන්එස් ප්‍රනාන්දු නිළධාරීතුමන් වසර 34කට වැඩි කාලයක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවය නිම කිරීමෙන් පසු 2023 ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙන ලදී. විශ්‍රාම යන විට ඔහු කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන තනතුරේ සේවය කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් ප්‍රනාන්දු මහතා 2023 ඔක්තෝම්බර් 26 දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ  කාර්යාලයේදී නිල සමුගැනීමේ හමුවක් පවත්වන ලදී. ජාතිය වෙනුවෙන් සහ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන්  කැපවීමෙන් ඉටුකළ සේවය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමා විසින් ඔහුව ඇගයීමට ලක් කරන ලද අතර අපේ මාතෘභූමියට අවශ්‍ය වූ කාලවලදී ඔහු ප්‍රධාන කොටස්කරුවන්ගෙන් කෙනෙකු වූ බවත් ඔහුගේ වීරෝදාර ඉතිහාසය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් ප්‍රනාන්දු මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලද අතර අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ගණනාවක ප්‍රධාන තනතුරු රාශියක් ඔහුට භාර දී තිබූ අතර, පාලවි ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සහ මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය,  ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මීරිගම යන ස්ථානවල අණදෙන නිළධාරීවරයා වශයෙන් කඳවුරු රාශීයක  කටයුතු කර ඇත. සේවා කාලය අවසානයේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සුභසාධනය ලෙස සේවය කරන ලදී.

ඔහුගේ සේවා ඡීවිතයේදී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් "රණ සූර පදක්කම", විශිෂ්ට හා ආදර්ශවත් සේවය වෙනුවෙන්, "උත්තම සේවා පදක්කම" සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු පදක්කම්ද මොහුට ප්‍රධානය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි