වවුනියාව ගුවන් හමුදා කඳවුර 45 වැනි සංවත්සරය සමරන ලදී
12:59pm on Thursday 2nd November 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පී එන් ගුනතිලක නිළධාරීතුමන්ගේ  මගපෙන්වීම යටතේ සියළුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව සමාජීය සහ විනෝදාත්මක කටයුතු වලට ප්‍රමුඛත්වය දෙමින් 2023 ඔක්තෝබර් 27 වන දින සිය 45 වන සංවත්සරය සමරන ලදී.

කදවුරු අණදෙන නිළධාරී විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය සමඟින් සැමරුම් උත්සවය ආරම්භකෙරුණු අතර. මානුෂීය මෙහෙයුමේ දී වවුනියාව කඳවුරේ වැදගත්කම සහ ඓතිහාසික වැදගත්කම මෙන්ම වසර ගණනාවක් පුරා සිදු වූ සංවර්ධනය පිළිබඳව ද කදවුරු අණදෙන නිලධාරිතුමන් විසින් එහිදී අවධාරණය කළේය. මීට අමතරව, කඳවුරේ අනාගත සංවර්ධනය සඳහා ද කඳවුරේ සිටින සියලුම පුද්ගලයින්ගෙන් උපරිම විනය, උපරිම පුහුණුව සහ මෙහෙයුම් සූදානම අපේක්ෂා කරන බව අවධාරණය කළේය.

සංවත්සර උත්සවයට සමගාමීව, රුධිර පරිත්‍යාගශීලීන්ගේ හිඟය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීම පරිදි ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 17 වන දින පවත්වන ලද අතර කඳවුරේ සෑම අංශයක්ම නියෝජනය කරමින් සියයකට අධික පිරිසක් මේ සදහා දායක විය.

මීට අමතරව වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ ගොඩනැගිලි සඳහා දැඩි අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම, තෙමහල් ප්‍රධාන ගොඩනැගිල්ල සහ පඩිපෙළ තීන්ත ආලේප කිරිම මෙන්ම වවුනියාව දුම්රිය ස්ථානයේ අබලන් වූ සේදුම් කාමරයක් සෞඛ්‍ය සම්පන්න සහ පිළිවෙලට ඇති සේදුම් කාමරයක් බවට ප්‍රතිසංස්කරණය කිරීම ද උත්සවයට සමගාමීව සිදුකරන ලදී. තවද, පොල් ගස් 2000 ක් සිටුවීමේ ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස පොල් ගස් 390 ක් සිටුවා පොල් ගස් සිටුවීමේ ව්‍යාපාරයක් කදවුරු පරිශ්‍රය තුළ පවත්වන ලදී.

සියලුම සේවා නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද රාත්‍රී වොලිබෝල් තරඟාවලියකින් අනතුරුව සියලු නිළයන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුව සංවත්සර උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි