දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණ සිදුකරයි
1:04pm on Thursday 2nd November 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 ඔක්තෝම්බර් 27 වන දින දියතලාව සටන් පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන් විසින් වාර්ෂික පරීක්‍ෂණය සිදුකරන ලදී.

සටන් පුහුණු පාසලට ඇතුල් වන ස්ථානයේ දී ගුවන් හමුදාධිපතිතුමා පිළිගන්නා ලද්දේ ‘ස්ටේබල් හිල් කදවුර’  නියෝජනය කරන  අශ්වාරෝහකයන් සමඟිනි. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වජිර සේනාධීර නිළධාරීතුමන්ගේ ප්‍රදානත්වයෙන් පැවති ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණ පෙළපාලියෙන් අනතුරුව, විශේෂයෙන් පාසලට සහ පොදුවේ ගුවන් හමුදාවට ඔවුන් කළ සේවය අගයමින් පහත සඳහන් සේවා පුද්ගලයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

30324 බළපංති සැරයන් සමන්ප්‍රිය ආර්එම් (ගුවන් ඡායාරූප ශිල්පී එස්පී අයි)
020278 නායක ගුවන් භට දිසානායක (මෙහෙයුම් භූමි III)

පරීක්‍ෂාව අතරතුර,ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, අංක 30 වන රෙජිමේන්තු පක්ෂාංගය, පුහුණු පක්ෂාංග සහ පාසලේ අනෙකුත් සියලුම ස්ථානවල සංචාරය කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී, සටන් පුහුණු පාසල විසින් තේ දළු සහ ගිතෙල් නිෂ්පාදනය වැනි නව ව්‍යාපාර අභිමානවත් ලෙස එළිදක්වන ලද අතර එහි සමාරම්භක නිෂ්පාදනය ගුවන් හමුදාධිපතිතුමන් වෙත භාර දෙන ලදී. පරීක්‍ෂණය අවසානයේ, ගුවන් හමුදාධිපතිතුමන් සියලුම නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ ගුවන් භට භෝඡනාගාරයේ භෝඡන සංග්‍රහයකට ද එක්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් සටන් පුහුණු පාසල සුවිශේෂී ලෙස උසස් ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යාමට ඔවුන්ගේ නොපසුබස්නා  උත්සාහය සහ සමාජ සේවා කටයුතු සඳහා ඔවුන්ගේ සැලකිය යුතු දායකත්වය අගය කරන ලද අතර වෘත්තීමයභාවය, අඛණ්ඩතාව සහ විනය යන මූලික සාරධර්මවල වැදගත්කම හුවා දක්වමින් සිවිල් වැසියන් සේවා නිලධාරීන් බවට පත් කිරීමට නිලධාරීන්ගේ සහ උපදේශකවරුන්ගේ කැපවීම ද ගුවන් හමුදාධිපතිතුමන් විසින් අගය කරන ලදී. අවසාන වශයෙන්, පාසල  විශිෂ්ඨත්වයට ඔසවා තැබීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ වත්මන් අණදෙන නිලධාරි, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිය ප්‍රශංසාව පුද කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි