ගුවන් යානා ජල හා කැලෑ තුළ නොනැසී ඡීවත්වීමේ පුහුණු පාඨමාලාව
2:17pm on Thursday 2nd November 2023
ගුවන් නියමුවන් 06 දෙනෙකු ඇතුළු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සහ අම්පාර ගුවන් හමුදා කඳවුර එක්ව "ගුවන් යානා ජල හා කැලෑ තුළ නොනැසී ඡීවත්වීමේ පුහුණු පාඨමාලා අංක 02-2023" සාර්ථකව පවත්වන ලදී. පුහුණුවන ගුවන්යානා ඉන්ඡිනේරුවකු, ගුවන් බර අධීක්ෂකයන් දෙදෙනෙකු, ගුවන් අවිකරුවන් 5 දෙනෙකු, ගුවන්යානා කාර්ය මණ්ඩලය දෙදෙනෙකු, එක් විදේශ නිලධාරියෙකු වන සැම්බියාවේ මේජර් එම් චාලිකෝසා ද පුහුණුව සඳහා සහභාගී විය.

ක්ෂේත්‍ර පුහුණුව, සිතියම් සකස් කිරීම, දිවා රාත්‍රී සිතියම් පාගමන් සහ පට්ටිපොල දක්වා සිතියම් පාගමන ඇතුළත් ජලය සහ කැලෑ තුළ ඡීවත්වීම ඇතුලත්ව පාඨමාලාව සැසි දෙකකින් පවත්වන ලදී. පුහුණුව පිළිබඳ දේශන සහ ප්‍රායෝගික සැසි සමඟ පළමු සැසිය දියතලාවේදී පවත්වන ලද අතර දෙවන සැසිවාරය අම්පාරේදී පවත්වන ලදී.  දේශන, ආදර්ශන, ජලය සහ කැලෑ තුළ දිවි ගලවා ගැනීමේ පුහුණුව සහ ගං තරණයේ අංග ආවරණය වන ප්‍රායෝගික සැසි, කැලයට ගොඩබෑමකින් පසු දිවි ගලවා ගැනීම පිළිබඳ දින තුනක "ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස" මෙයට ඇතුළත් විය.

සමාප්ති උත්සවය 2023 ඔක්තෝම්බර් 28 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වී.බී. එදිරිසිංහ නිළධාරීතුමන් සහභාගී විය. සාර්ථකව පුහුණුව අවසන් කළ අභ්‍යාසලාභීන් සඳහා සහතිකපත් ප්‍රදානයද එහිදී සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි