2023 ජාතික ජල ක්‍රීඩා ශූරතාවයට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකම් කියයි
8:40am on Wednesday 8th November 2023
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ජල ක්‍රීඩා ශූරතාවලිය 2023 ඔක්තෝබර් 29 වන දින සිට ඔක්තෝබර් 30 දක්වා රත්මලාන ගුවන් හමුදා ජල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. රාජකීය විද්‍යාලයීය යූනියන් ජල ක්‍රීඩා සමාජයට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 15 - 08ක් ලෙස ලබා ගනිමින් ගුවන් හමුදා පිරිමි කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික ජල ක්‍රීඩා ශූරතාවට හිමිකම් කී අතර ගුවන් හමුදා කාන්තා කණ්ඩායම වසර පහළොවකට පසු ජාතික ජල ක්‍රීඩා ශූරතාව ද දිනා ගැනීමට සමත් විය.

පිරිමි අංශය යටතේ ජල ක්‍රීඩා සමාජ 9 ක් සහ කාන්තා අංශයෙන් ක්‍රීඩා සමාජ 3 ක් ශූරතාව සඳහා තරග වැදුණි. අවසන් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන් සමීර ලංකාතිලක මහතා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි