ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ කලත්‍රයන් සඳහා දේශනයක් පවත්වනු ලබයි
8:46am on Wednesday 8th November 2023
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් “ඔබේ සහකරු සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ගොඩනඟා ගන්නේ කෙසේද” යන මැයෙන් 2023 ඔක්තෝම්බර් 31 ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සේවා නිලධාරීන් සහ ඔවුන්ගේ කලත්‍රයන් සඳහා දේශනයක් සංවිධානය කරන ලදී. සුභාෂිනී ඒකනායක මහත්මිය සහ අකිල විමංග සෙනෙවිරත්න මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී. අකිල විමංග සෙනෙවිරත්න මහතා කීර්තිමත් සිංහල භාෂා උපදේශකයෙකු සහ ප්‍රසිද්ධ අභිප්‍රේරණ  කථිකයෙකු වන අතර සුභාෂිණී ඒකනායක මහත්මිය මාතලේ සුමංගල විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ප්‍රසිද්ධ කථිකාචාරිණියක ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

නුදුරු අනාගතයේ දී විවාහ වීමට බලාපොරොත්තු වන යුවලන් සහ අලුත විවාහ වූ අඹුසැමියන් අතර බැඳීම ශක්තිමත් කරමින් සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම ලබාදීම සඳහා මෙම දේශනය සංවිධානය කර ඇත. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහභාගිවන්නන් අතර අවබෝධය සහ වඩා හොඳ දැනුමක් ඇති කිරීම මෙහි අරමුණ විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගි වූ අතර ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදිත පියසේන, ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකයේ සභාපති ප්‍රසන්තිකා ගයානි ද මෙල් මහත්මිය, කොළඹ ගුවන් හමුදා කඳවුරේ සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකවල සභාපතිවරු ඇතුළු නිලධාරීන්, ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සහ සේවා පුද්ගලයින්ගේ කලත්‍රයන් 450 කට අධික පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි